Monday, December 12, 2016

වාමනයා සහ සිඟන්නිය








බලාගෙන හුන්නෙමි
අැසිපිය නොහෙළාම
ස්ත්‍රියක් මා තුරුළට එන 
දවසක් ගැන 
දෑඟිලි ගැන ගැන

ඒත් අපි ඉතිං
අැස් මට්ටමට හසු නොවන
මානයක වෙසෙමින
සියලු බර දරාගෙන 
දහඩිය කඳුළු වගුරන
ගොරහැඩි වාමනයෝ වම්හ

ඒත් එක දවසක 
නුඹ අැවිත් මා අසල හිඳ 
මා ගතට තුරුළුව
සිඟමන් යදින සඳ...

මා ගත දැවටෙන
නුඹේ දුර්වර්ණ කඩමලු
මට සොඳුරු පහසකිය...

නුඹ වෙතින් හමා එන්නේ 
හැමදාම දැනුණු මල් සුවඳ පරදන
ජීවිතේ මට දැනුණු 
ඉමිහිරිම සුවඳය...

එදා සිට ඉසිලූ
මේ තුඟු පවුරුවල බර 
දැන් බරක් නොවේ මට...

නුඹගේ ගත පහස
දැනේ ඊට වඩා බරට 
ම සිතට !

10 comments:

  1. අපූරුයි ප්‍රභාත්. අදහසක් නොදැක්වුවත් 'අලුත උපන් කවි' හැමදාමත් බලනවා කියලා කියන්න ඕනෙමයි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවි කොතැනද
      දුමි එතැන !
      ස්තූතියි දුමින්ද !

      Delete
    2. කවි ගොතමී
      රහ බලමී
      සතුටු වෙමී
      මමයි දුමී.......

      ජයවේවා!!!

      Delete
  2. වේලිලා වේලිලා බැරිමතැන ඔහොම ඒවාත් හිතෙනවා තමයි :)

    අපූරු අදහසක්...අපූරු නිර්මානයක්...
    සුබපැතුම්

    ReplyDelete
  3. කවි ලියන්න බැරිවුනාට මමත් ඇවිත් කියවා රසවිඳිනවා.

    ReplyDelete
    Replies
    1. අරූගේ බොරූ.......
      අරුටත් කවි හොඳට ලියන්න බැරි නෑ. මගේ ලිපියකට කොමෙන්ටුවකුත් දාලා තිබ්බේ කවියෙන්.

      ජයවේවා!!!

      Delete
    2. කවි ලියන්න බෑ කියන අය ඉඳල හිටල හරි ලියන කවි අපූරුයි.
      අරුණටයි, දුමින්දටයි දෙන්නටම ස්තූතියි.

      Delete
  4. හරිම අගෙයි ඔබේ ලියවිල්ල

    ReplyDelete