
නුඹේ මේසය අතැර දමමින් - මගේ මේසය වෙතට අවුදින්
ජීවිතේ මුල් අකුරු අමුණන දියණියේ
ඉඩ ලබා දී නුඹේ අකුරට - තිත තබාගෙන මගේ වැකියට
නික්ම යමි මේසයෙන් ඉවතට දියණියේ
ජීවිතේ බෝ අකුරු ලියැවුණු - බිඳුණු හීනෙක කඳුළු කැටිවුණු
අකුරුවල බර හඳුනනා රළු මේසයේ
නුඹේ සියුමැලි අැඟිලි තුඩගින් - ලියැවෙනා මුදු අකුරු අතරින්
ජීවිතේ දිගු පාර සොයනා දියණියේ
සටන්බිම් වෙත සවිය මෙලවුණු - අතරමඟ අවි අතින් ගිලිහුණු
අකුරු ගිනිගෙන දැවී අළු වුණු, මේසයේ
මිනිස් ගුණ නැණ සුවඳ හඳුනන පණකුරක් වී හෝඩියේ
ජීවිතේ ගැන අලුත් කවියක් ලියනු හෙට දින දියණියේ
අපූරු කවියක් ප්රභාත්.
ReplyDeleteඅමිහිරියි ඒ අතීතේ ගිනි දැවෙන සිහිනයැති දියණියේ
දෑත් සියුමැලිය අකුරු ලෙන්ගතුය දිරි ගනින් මගෙ දියණියේ.....
ජයවේවා!!!
ස්තුතියි, දුමින්ද.
Deleteලස්සනයි ප්රභා.....
ReplyDeleteස්තූතියි සහෝ !
Deleteලස්සන ගී පද රචනයක්... ගීතයක් විදියට එළිදක්වන්න අදහසක් නැද්ද?
ReplyDeleteඑහෙම අදහසක් තිබෙනවා තරු.
Deleteබලමු ඉදිරියෙදි...