Friday, October 14, 2016

පියයුරක් තනිව...

 
 නික්ම ගියෙහිය 
නුඹ නිහඬවම
තනි කොට දමා මා,
අැගේ ළැම මත

උපනිමුව අපි මෙලොවට
එකටම, එකම නිමේෂෙක
හෙමි හෙමින් පිපීගෙන වැඩුනෙමුව
අැගේ මල්වර ළැම මත

ඉනික්බිති... ඉනික්බිති
අප පමණක්ම දැන සිටි 
අැගේ සොඳුරුම රහස්
දැනුදු කිතිකවයි මා සිත

අෑ දරුවන් වැදූ සඳ
අභිමනින් උනිමුව අපි
මාතෘ ප්‍රේමයෙන් පිරුන 
ක්ෂීරයෙන් බරිතව
ළදරු මුව මඬල
ස්නේහයෙන් රැඳිණ අප මත

කිම්ද නුඹ 
අාතුර වන්ට කාරණ? 
ජීවිතය ඉතිරි කොට මා හට
නුඹ මරණය තෝරාගන්ට කාරණ?

දරාගනු කෙලෙසක ඉතිං
සදාකල් මේ තනිකම...
සිතාගනුවත් කෙලෙසක
මෙතැන් සිට මා 
අැගේ ළැම මත 
තනිවම බව ...!


2 comments:

  1. අපූරුයි ප්‍රභාත්. හැමදාමත් අලුත් නිසඳැසක්.

    ජයවේවා!!!

    ReplyDelete