වලාකුළු අතුළ පොළාෙව මත වැතිරෙමි
තෙත බරිත සිහිනෙකින් පෙම්වත්ව
සීතලේ ඔබ වෙතට තුරුළු වෙමි...
යට ගිය දවස නිරතුරුව අැවිද ගිය
මං අතර පිටස්තරයාව අතරමං වෙමි
අකැප සෙනෙහසක වටපවුර අස
නිහඬවම නැවතී නිසල වෙමි...
දුරම දුර අෑතකට පිය නඟන
ඔබෙ සියුම් පියවර හඬින් අවදිවෙමි
අවසාන සෙවණැලි කෙළවරද ම'වෙතින
අෑත් වී යන'යුරු අඩවන් නෙතින් දකිනෙමි...
ඔබ අඩක් ලියා ගිය කවක ඉතිරි පද සොයමින
සහස් ගව් දුර සිතින් පියාඹමි
නාඳුනන වදන් මැද හෙම්බත්ව, අවසන
යළි පොළෝ ළය මතට අැද වැටෙමි...!
ප්රභාත්. කවියක් කියවද්දි මම කවියකින්ම පිළිතුරක් දුන්නත් ප්රභාත්ගේ මේ කවියට එහෙම කරන්න බෑ. මේ කවිය නිහඩවම විඳගද්දි කවියක් ලියන්න හිතට අදහසක් එන්නෙ නෑ. ලස්සනයි.
ReplyDeleteජයවේවා!!!
විඳවීමක් ගැන විඳීමක්.
Deleteස්තූතියි දුමින්ද.
පොළෝ ළයමත වැතිර නිසලව
ReplyDeleteවෙහෙසින් පීඩිතව හෙම්බත්ව
සුසුම් හෙලනා සහෝදර සකියාන,
අන්ත අසරන වලාකුලු ළඳ
කදුලු සෝදා වෙහෙස නිවනට
ඔබට එවනා වැහිකදුලු කැට
සීතලයි තෙතයි කටුකයිඋනත්
ඒ ඇගේ වැලපිල්ල....
බිදෙන් බිඳ එකතුවූ
විරහවේ පිපිරීම...!
අවුරුදු පහළොවකට විතර පස්සේ ඔය අකුරු නැවතත් දැකීමට ලැබීම කොපමණ සතුටක්ද? අපූරුවට ලිවිය හැකි කිවිඳියක් නොලියා සිටීමත් එපමණටම කනගාටුවකි.
Delete