Sunday, September 11, 2016

උරුම පැවරුම


 






නුඹේ මේසය අතැර දමමින් - මගේ මේසය වෙතට අවුදින්
ජීවිතේ මුල් අකුරු අමුණන දියණියේ
ඉඩ ලබා දී නුඹේ අකුරට - තිත තබාගෙන මගේ වැකියට
නික්ම යමි මේසයෙන් ඉවතට දියණියේ

ජීවිතේ බෝ අකුරු ලියැවුණු - බිඳුණු හීනෙක කඳුළු කැටිවුණු 
අකුරුවල බර හඳුනනා රළු මේසයේ
නුඹේ සියුමැලි අැඟිලි තුඩගින් - ලියැවෙනා මුදු අකුරු අතරින්
ජීවිතේ දිගු පාර සොයනා දියණියේ

සටන්බිම් වෙත සවිය මෙලවුණු - අතරමඟ අවි අතින් ගිලිහුණු
අකුරු ගිනිගෙන දැවී අළු වුණු, මේසයේ
මිනිස් ගුණ නැණ සුවඳ හඳුනන පණකුරක් වී හෝඩියේ 
ජීවිතේ ගැන අලුත් කවියක් ලියනු හෙට දින දියණියේ


6 comments:

  1. අපූරු කවියක් ප්‍රභාත්.

    අමිහිරියි ඒ අතීතේ ගිනි දැවෙන සිහිනයැති දියණියේ
    දෑත් සියුමැලිය අකුරු ලෙන්ගතුය දිරි ගනින් මගෙ දියණියේ.....

    ජයවේවා!!!

    ReplyDelete
  2. ලස්සන ගී පද රචනයක්... ගීතයක් විදියට එළිදක්වන්න අදහසක් නැද්ද?

    ReplyDelete
    Replies
    1. එහෙම අදහසක් තිබෙනවා තරු.
      බලමු ඉදිරියෙදි...

      Delete