Tuesday, November 1, 2016

නිහඬ කළ පුතුනේ










පුතුනේ... නිහඬ කළ පුතුනේ
නුඹේ කටහඬ අැසෙනවා මට ගුවන්තල අතරේ
නුඹේ කට හඬ අැසෙනවා මට සයුරු රළ පතරේ
පුතුනේ... නිහඬ කළ පුතුනේ

මිනිස් ජීවිත නසා වැනසූ රුදුරු ඝන අඳුරේ
පන්හිඳක් ගෙන ගහලයින් හා යුදට නුඹ වැදුනේ
නුඹේ පන්හිඳ නුඹේ කටහඬ කගක් විය සටනේ
පුතුනේ.. නිහඬ කළ පුතුනේ

ගහලයින්ගේ සාද කෙළියක රටක් වූ පවිනේ
නිහඬ කෙරුනද නුඹේ කටහඬ සයුරු රළ පතරේ
තිබේ සැම දා නුඹේ සුසුවඳ මගේ ළය ගැඹරේ
පුතුනේ... නිහඬ කළ පුතුනේ

(1990.02.18 දින පැහැරගෙන ගොස් ඝාතනය කරන ලද 
මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා වෙනුවෙනි.)

3 comments:

  1. ඔව් ප්‍රභාත්. මම කැමතිම ආකාරයේ නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. ස්තූතියි දුමින්ද.
    රිචඩ් ගැන මා ලියූ ලිපියක් godayage-adaviya හි 'ලියමන්' පිටුවේ තිබෙනවා

    ReplyDelete