නිමිත්ත : ''සංස්කෘතිකාංගයක් හේතුවෙන් යාපනය සරසවියේ සිංහල-දෙමළ සිසුන් අතර ගැටුමක්''
වීණා තතක් හැඬවෙන තැන ලක් දෙරණේ
ගැට බෙර හඬත් අැයි එතැනට එක් නොවුනේ
මළ බෙර කඳන් වැයුණා අැති මේ දෙරණේ
විරසක නොවනු මැන දැන්වත් සොහොයුරනේ
පිච්ච මල් දැවී අළු වුණු අතීතෙකී
මිනී මල් පිපී හිනැහුණි, සැබෑවකී
අලුත් ඉවුරකට තරණය පිණිස සකී
කඳුළු තොටුපොළින් නික්මෙන සිහිනයකී
කුමට කිරුළු යළි මරණය හට පුදනා
දිනිය යුතු හෙටක් අැත අභිමුව පෙනෙනා
දකුණේ අතත් සමගින් එසවෙනු කෙදිනා
එදින පිණිස මඟ පියවර තබනු මැනා
- ප්‍රභාත් චින්තක මීගොඩගේ
කාලීන සිදුවීම කවියා දකින හැටි , කවියෙන් දෙන පණිවිඩය හරිම අපූරුවට ලියවිලා ...මගේ හිත වැඩියෙන් නැවතුනේ මේ පද පෙළ ලඟ..
ReplyDelete/// අලුත් ඉවුරකට තරණය පිණිස සකී
කඳුළු තොටුපොළින් නික්මෙන සිහිනයකී //
ස්තූතියි සහෝදරී.
ReplyDeleteහදවතට හොදින්ම දැනුණු නිර්මානයක්, ප්‍රභාත්. කවියකින් අපිට සමාජයට පණිවිඩයක් දීමට ඇති හැකියාව කොතෙක්ද? අගෙයි.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමින්ද. මගේ වැඩි නැඹුරුව කවිය අාත්ම ප්‍රකාශනයක් ලෙස යොදාගන්නවාට වඩා සමාජ ප්‍රකාශනයක් ලෙස යොදාගැනීමටයි.
Delete