ඉර ඉතිං
ඩිංගකට නවතින්න
අතීතෙට ඇවිද
යන්නට එන්න
කාලයේ ගිලී
ගිය මතක අමුනන්න
ඉර ඩිංගකට
නවතින්න
දොළ දියේ
කදුරු මල් එක්ක පීනන්න
තණ පලස මත
පිපුණු පිණි බිංදු අහුලන්න
විහඟ ගීයක්
දිගේ පියඹා යන්න
ඉර ඉතිං
ඩිංගකට නවතින්න
උදා ගීයක
මිහිර සර විඳගන්න
කතා කරනා බසය
එන තුරු ඉන්න
ඉර ඉතිං
ඩිංගකට නවතින්න
අතීතෙට ඇවිද
යන්නට එන්න
අපූරුයි ප්‍රභාත්. ඒ වගේම නැවත පැමිණීම ගැන සතුටුයි.
ReplyDeleteජයවේවා!!!