දැන් එතැන
මං නෑ සහෝ...
හිටියෙ
අතනත් ටික දවසයි
දේශපාලනේ
දැන් නම් තිත්තයි !
ඇඩ්වටයිසින්
ඒජන්සියක
කුරුටු
ගානවා කොපි
ප්‍රාග්ධනයේ
මාත්‍රාවට...
ගොඩදාගන්නේ
එහෙමයි,
මේ ජීවිත
මොහොත!
ඇරියස්
කවර් වෙලා වගේ,
කෙල්ලොම
තුන් දෙනෙක් අපට
හරි බරයි
ජීවිතේ දැන් !
පෝස්ටර්
දැක්කාම තාමත්
මතක් වෙනවා
අතීතය
නොදැක්කා
වගේ එතකොට
යනවා අහක
බලාගෙන !
ප්‍රදර්ශනේ
නොහිටපු
දන්න කියන පරණ
සහෝදරවරු
දකිනවා ඉඳ හිට
මඟ තොටක..
වැඩි දෙනෙක්
දැන් තැන් තැන්වල
සමහරුන්
දැක්කත් යන්නේ
නොදන්නා ගානට..
කෙනෙක්
දෙන්නෙක් නම්,
කතා කරනවා
තාමත් මූණ බලාගෙන !
අනාගතයක්
නැතත්,
ඉතිහාසයක්
තිබුණු වග දැනිලා
හුස්ම වැටෙන්ඩ
ගන්නවා ආයෙත්
පරණ පුරුදු
විදියට ...!
No comments:
Post a Comment