අැසිපිය නොහෙළාම
ස්ත්රියක් මා තුරුළට එන
දවසක් ගැන
දෑඟිලි ගැන ගැන
ඒත් අපි ඉතිං
අැස් මට්ටමට හසු නොවන
මානයක වෙසෙමින
සියලු බර දරාගෙන
දහඩිය කඳුළු වගුරන
ගොරහැඩි වාමනයෝ වම්හ
ඒත් එක දවසක
නුඹ අැවිත් මා අසල හිඳ
මා ගතට තුරුළුව
සිඟමන් යදින සඳ...
මා ගත දැවටෙන
නුඹේ දුර්වර්ණ කඩමලු
මට සොඳුරු පහසකිය...
නුඹ වෙතින් හමා එන්නේ
හැමදාම දැනුණු මල් සුවඳ පරදන
ජීවිතේ මට දැනුණු
ඉමිහිරිම සුවඳය...
එදා සිට ඉසිලූ
මේ තුඟු පවුරුවල බර
දැන් බරක් නොවේ මට...
නුඹගේ ගත පහස
දැනේ ඊට වඩා බරට
ම සිතට !
අපූරුයි ප්රභාත්. අදහසක් නොදැක්වුවත් 'අලුත උපන් කවි' හැමදාමත් බලනවා කියලා කියන්න ඕනෙමයි.
ReplyDeleteජයවේවා!!!
කවි කොතැනද
Deleteදුමි එතැන !
ස්තූතියි දුමින්ද !
කවි ගොතමී
Deleteරහ බලමී
සතුටු වෙමී
මමයි දුමී.......
ජයවේවා!!!
වේලිලා වේලිලා බැරිමතැන ඔහොම ඒවාත් හිතෙනවා තමයි :)
ReplyDeleteඅපූරු අදහසක්...අපූරු නිර්මානයක්...
සුබපැතුම්
ස්තූතියි කටුසු.
Deleteකවි ලියන්න බැරිවුනාට මමත් ඇවිත් කියවා රසවිඳිනවා.
ReplyDeleteඅරූගේ බොරූ.......
Deleteඅරුටත් කවි හොඳට ලියන්න බැරි නෑ. මගේ ලිපියකට කොමෙන්ටුවකුත් දාලා තිබ්බේ කවියෙන්.
ජයවේවා!!!
කවි ලියන්න බෑ කියන අය ඉඳල හිටල හරි ලියන කවි අපූරුයි.
Deleteඅරුණටයි, දුමින්දටයි දෙන්නටම ස්තූතියි.
අගෙයි .. අපූරුයි
ReplyDeleteහරිම අගෙයි ඔබේ ලියවිල්ල
ReplyDelete